Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? (Chanuka Cs Creations)


Hacker කෙනෙක් සතු විය යුතු චිත්ත ලක්ෂණ හා hacker කෙනෙක්ගේ ස්වරුපය ගැන අපි පසුගිය සතියේ කතා කළා. නමුත් hacker කෙනෙක් වෙන්න එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා කුසලතාවය හා දැනුම දියුණු කර ගත යුතුයි. ඒ සඳහා ඔබට අද දින කතා කිරීමට බලාපොරොත්තු වන නිපුණතාවයන් ප්‍රගුණ කර ගත යුතුයි.


1. පරිගණක ක්‍රමලේඛය (programing) ඉගෙන ගන්න.

ඇත්ත වශයෙන්ම hack කිරීම සඳහා මුලිකවම දියුණු කර ගත යුතු කුසලතාවය වන්නේ මෙයයි. ඔබ කිසිම computer languages එකක් නොදන්නේ නම් මම ඔබට නිර්දේශ කරනවා Python language එක ඉගෙන ගන්න පටන් ගන්න කියලා. මෙය නවකයෙකුට හොඳ ආරම්භක ස්ථානයක්. මෙම language එක නවකයන් සඳහා ප්‍රථම පරිගණක භාෂාව ලෙස ඉගෙන ගත යුතු භාෂාවක් පමණක්ම නොවෙයි. මෙය ඉතාමත් ප්‍රබල වගේම විශාල ප්‍රමාණයේ projects සඳහා ඉතාමත් සුදුසු පරගණක භාෂාවක් වෙනවා. Python language එක ඉගෙන ගැනීම සඳහා ඉතාමත් හොඳ tutorials Python වෙබ් අඩවියේ ඇතුලත් වෙනවා. ඒවගේම python ඉගෙන ගන්න හොදම third-party වෙබ් අඩවියක් තමයි Computer Science Circles.
මුලික language එකක් විදිහට Java ඉගෙන ගැනීමට ආරම්භ කරන්නත් පුළුවන්. නමුත් පරිගණක භාෂාවන් ගැන ලියවූ සටහන් කියවීමෙන් අනතුරුව Java වලට වඩා ප්‍රථමයෙන් C ඉගෙන ගැනීම සිදු කර අනතුරුව Java වලට යොමු වීම වඩා සුදුසු යැයි හැඟෙනවා.
ඔබ programming වලටම යොමු වීමට කැමති නම් Unix හි මුලිකම language එක වූ C ඉගෙන ගත යුතුම වෙනවා. C++ පරිගණක භාෂාව C වලට බොහෝ සෙයින් සමානයි. ඔබ එක පරිගණක භාෂාවක් ඉගෙන ගත හොත් අනෙක් භාෂාවන් ඉගෙන ගැනීම එතරම් අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.
Hacker කෙනෙකුට වැදගත් වන තවත් පරිගණක භාෂාවන් දෙකක් තමයි Perl සහ LISP. Perl ඉගෙන ගැනීම ප්‍රයෝගික භාවිතයේදී ඉතා වැදගත් මන්ද යත් Perl පරිගණක භාෂාව active web pages සහ system administration වලදී බොහෝ ලෙස භාවිතා වෙනවා. එම නිසා ඔබ කිසි දිනක Perl scripts ලිවීමට බලාපොරොත්තු නොවූ වත් ඒවා කියව තේරුම් ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.
කෙසේ වෙතත් ඔබට Python, C/C++, Java, Perl, and LISP යන පරිගණක භාෂා 5ම ඉගෙන ගත හැකි නම් එය ඔබට ඉතාමත් වැදගත් වෙනවා.
කිමද, මෙම පරිගණක භාෂාවන් වැදගත්ම hacking languages පමණක්ම නොව මේ තුලින් ඔබට එකිනෙකට වෙනස් වූ programming approaches හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එමඟින් ඔබට ඔබේ දැනුම වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
පරිගණක වැඩසටහන් ලිවීමට ගැන සම්පුර්ණ උපදේශනයක් කෙටි සටහනක් තුලින් ඔබට ලබා දීමට හැකියාවක් නැහැ. කිමද එය ඇත්තටම සංකීර්ණ වූ කුසලතාවයක්. නමුත් මට එක දෙයක් ඔබට සහතික කර කිව හැකියි. එනම් පොත් කියවීම හා පාඨමාලා වලට සම්බන්ධ වීමෙන්ම පමණක් ඔබට මෙම කුසලතා වර්ධනය කර ගත නොහැකියි. බොහෝ දක්ෂ hackers ලා තනිවම තමන් විසින්ම ඉගෙන ගත් අයයි. ඔබට පරිගණක භාෂාවේ ලක්ෂණ සහ යම් දැනුමක් පොත් පත් තුලින් ලබා ගත හැකියි. නමුත් සාමාන්‍ය ලෝකය තුල ඇති ගැටලුවක් පරිගණක ලෝකය තුල දකින්නට, එය පරිගණක භාෂාවක් තුලින් නිර්මාණය කිරීමට ඔබට පර්යෝගික දැනුම අවශ්‍ය වෙනවා. එම නිසා එම හැකියාව වර්ධනය කර ගැනීමට ඔබට පරිගණක වැඩසටහන් කියවීම (reading code) හා ලිවීම (writing code) සිදු කල යුතුම වෙනවා.

2. Open-source Unixes භාවිතයට නැඹුරු වන්න.

මෙය කියවන බොහෝ දෙනෙක් ට තමන්ගේම පරිගණකයක් තිබෙනවා. නැතහොත් ඔබට කිසියම් අයුරකින් පරිගණකයක් භාවිතයට අවස්ථාව තිබෙනවා. එසේනම්, hacker කෙනක් වීමට කැමති hacking ලොවට ආධුනිකයෙක් වන ඔබ කලයුතු වැදගත්ම සහ මුලිකම දෙය තමයි ඔබේ පරිගණකයට Linux හෝ BSD-Unixes වලින් එකක් ඔබේ පරිගණකයට install කර ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමයි. මෙයින් ඔබට hack කිරීමේ මුලිකම කුසලතා වර්ධනය කර ගත හැකියි.
Unix වලට අමතරව තව බොහෝ පරිගණක පද්ධති ලොව තිබෙනවා. නමුත් ඒවා බෙදා හැර තිබෙන්නේ binary ලෙසයි. එමනිසා ඔබට code කියවීම හෝ වෙනස් කිරීම සිදු කල නොහැකියි. Microsoft Windows පරිගණකයක් භාවිතයෙන් හෝ අනික් closed-source system එක භාවිතයෙන් hack කිරීමට ඉගෙන ගැනීමට උත්සහ කිරීම හරියට මුළු සිරුරම වෙළුම් පටි වලින් ආවරණය කර ගෙන body cast එකක් දමා ගෙන නර්තනය ඉගෙන ගැනීමට උත්සහ කරනවා වැනි වූ නිෂ්පල ක්‍රියාවක් වෙනවා.
Internet හි මෙහෙයුම් පද්ධතිය වන්නේ Unix. ඔබට Unix නොදැන අන්තර්ජාලය භාවිත කල හැකි වුවත්, ඔබට Unix නොදැන Internet hacker කෙනෙක් වීමට හැකියාවක් නැහැ. මේ හේතුව නිසාම අද hacker සමාජය Unix කේන්ද්‍රගත කරගෙන ගොඩ නැගී තිබෙනවා.
ඔබත් Unix වලට යොමු වන්න. එය ඉගෙන ගන්න. ක්‍රියාත්මක කරන්න, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න, පරිගණක වැඩසටහන් කියවන්න, ඒවා වෙනස් කරමින් අත්හදා බලන්න. ඔබට C, LISP, Python, සහ Perl ඇතුළුවන් තවත් හොඳ, කිසිම Microsoft operating system එකකට host කිරීමට සිතිය වත් නොහැකි programming tools මෙහිදී ඔබට ලැබේවි. ඒවගේම ඔබට මෙය විනෝදයක් එක කරාවි. එය ඔබව master hacker කෙනෙක් කරාවි.
ඔබට Linux Online! වෙබ් අඩවිය මඟින් Linux භාවිතය ආරම්භ කල හැකි වගේම Linux user group සමඟ අදහස් හුවමාරු කර ගැනීමත් සිදු කල හැකියි.
BSD Unix උදව් සඳහා www.bsd.org වෙත පිවිසිය හැකියි.
ආධුනිකයෙක් ලෙස Linux වලට යොමු වීමට හොඳ ක්‍රමයක් තමයි live CD. මෙය තනිකරම CD එකක් මත run වන අතර hard disk එක modify කිරෙමක් සිදු කරන්නේ නැහැ. නමුත් CD slow නිසා මෙහි ක්‍රියාකරීත්වය මන්දගාමීයි. නමුත් මෙයත් ඔබට අත්හදා බැලීමට හැකියි.

3. World Wide Web භාවිතය හා HTML ලිවීම ඉගෙන ගන්න.

දක්ෂ hacker කෙනෙක් වීමට World Wide Web ක්‍රියාත්මක වන ආකාරය, එය සමඟ ගනු දෙනු කරන ආකාරය ඉගෙන ගත යුතුයි. මෙයින් කියවෙන්නේ web browser එකක් භාවිතය ඉගෙන ගැනීම නොවෙයි. එය ඕනෑම කෙනෙක්ට කල හැකියි. එහෙත් ඔබ Web හි markup language එක වන HTML ලිවීමට ඉගෙන ගත යුතුයි. ඔබ ඔබේම home page එක HTML තුලින් නිර්මාණය කරන්න. ඒවගේම classic HTML වලට වඩා ක්‍රමවත් වූ XHTML භාවිතයට නැඹුරු වන්න. මෙය නවකයෙකුට HTML ඉගෙන ගැනීමට අන්තර්ජාලය තුල ඇති හොඳ වෙබ් අඩවියක්.

4. ඔබට ඉංග්‍රීසි දැනුම නොමැති නම් ඉගෙන ගන්න.

ඉංග්‍රීසි යනු අන්තර්ජාතික භාෂාවක්. බොහෝ කරුණු අන්තර්ජාලය තුල පල වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම නිසා තම තුලට දැනුම එක කර ගැනීමට, අන්තර්ජාලයේ පල වන බොහෝ දේ දන ගැනීමට, ඉගෙන ගැනීමට ඔබට ඉංගිරිසි දැනුම අවශ්‍ය වනවා.
ඒවගේම අනිකුත් hackers ල සමඟ අදහස් හුවමාරු කිරීමට , forum භාවිතයට මෙම දැනුම අවශ්‍ය වෙනවා. ඔබ නිවැරදි ව්‍යකරණ නොමැතිව, අකුරු වරදවා ලියනවා නම් ඔබව ඇතැම් විට hacker ලෝකය තුල කොන් වීමට ඉඩ තිබෙනවා. හැමදේම හොඳින් ඉගෙන ගන්න. ඔබේ පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට ලොව තුළ ඉදිරියට යාමට , ලොව තුල පිළිගැනීමක් ඔබට හිමි වීමට ඉංග්‍රීසි දැනුමත් ඉවහල් වේවි.
Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? තවත් සටහනකින් හමු වෙමු.

ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද මෙතනින් බලන්න..

 

මෙවර ජනාධිපතිවරණයට අදාල ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද වී ඇත්දැයි යන්න ඔබටම දැනගැනීමට හැකියාවක් මැතිවරණ දෙපාර්තුමේන්තුවේ http://www.slelections.gov.lk/ නිල වෙබ් අඩවියෙන් සලසා ඇත. 
ඡන්ද හිමි නාමලේඛණයට ඔබේ නමත් ඇතුලත්ද මෙතනින් බලන්න : http://www.slelections.gov.lk/ID/index.aspx
2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වැනිදාට නියමිත වී ඇත.
Cs@

ඇම්ඩගෙ අලුත් කතා - සිංහයා


ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.


“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

”අයිය මම බඩුවක් අහන්නද?”

“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා..



ඉක්මන් කේන්තිය.........


එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී මදි වූයේ , තරුණයා කේන්ති ගිය විට කුඩු පට්ටම් කරන සියල්ල නැවතත් මිළට ගැනීමට සිදුවීම නිසාය.


තරුණයා මදක් මුහුකුරා යත්ම ඔහුට තමාගේ මේ කේන්තිය ඇත්තටම තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ටද මහත් ලෙස රිදවන බව පසක් වී , තම පියාණන් හමුවේ මෙසේ පැවසීය.


“තාත්තේ , මම දන්නව මට ගොඩක් කේන්ති යනව. මට වෙලාවකටම මේ නිසා මං ගැනම තරහයි! මට මේ තරහ නැති කරගන්න ඕන. මට හොඳ කෙනෙක් වෙන්න ඕනි. තාත්ත මට උදව් කරනව නේද?“


තරුණයාගේ පියා ඔහුට සාවධානව කන් දී , මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දුන්නේය.


“හරි ! මට තේරෙනවා. මගෙ පුතාට දැන් වරද වැටහෙන බව. මම බය වුනේ මගෙ පුතාට මේක තේරෙන්නේ නැති වෙයි කියල. පුතේ ඔයා මම කියන දේ කරන්න ලෑස්තිද? හැබැයි මේක ටිකක් අමාරුයි“


තම පියාගේ සන්සුන් පිළිතුරෙන් විස්මයට පත් තරුණයා ....“කියන්න තාත්තෙ ඕන දෙයක් . මම පොරොන්දු වෙනව මම කොහොම හරි ඒක කරන බව...“


“හොඳ පුතා! දැන් මට වඩු මඩුවකට ගිහින් අඩි 2*2 හොඳට මැදපු ලෑල්ලක් අරගෙන එන්න. එනකොට කඩෙන් අඟලේ ඇණ කිලෝවකුත් අරගෙන එන්න“


විස්මයෙන් විස්මයට පත් තරුණයා ,තම පියාණන්ගේ සැලසුම කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් වහාම තම පා පැදිය ගෙන වඩු මඩුවකට ගොස් අදාළ ලෑල්ලද , ඇණ ද රැගෙන එන ලදී. තරුණයා ගෙන ආ ලෑල්ල පියා විසින් තරුණයාගේ කාමරයෙහි එල්ලා තරුණයා අතට මිටිය ලබා දුන්නේය.


“පුතා! මෙන්න මේකයි කොන්දේසිය. මීට පස්සේ පුතාට කේන්ති යන හැම වේලාවකම , කාටවත් හිරිහැරයක් බැනුමක් නොකර මේ ලෑල්ලෙ එක ඇණයක් ගහන්න ඕනා! හැබැයි පුතා කාට හරි බැන්නොත් බණින පාරක් ගානෙත් ඇණය බැගින් ගහන්න ඕනා! අද ඉඳන් ගෙදර අය ඔයාට මුකුත් කියන එකක් නැහැ. එයාලා ඔයා වෙනුවෙන් මේ ටික කාලය ඉවසාවි. හැබැයි පුතා මේ ලෑල්ලෙ ඇණ ගහන්න ඉඩ නැති වෙන කොට මට කියන්න ඕනා! පුතාට පුලුවනිද මේ දේ කරන්න?“


මේ මොන විකාරයක් දැයි  සිතූ තරුණයා , කෙසේ වුවත් තමා පොරොන්දුවක් වූ බව පසක් වී මෙයට කැමැත්ත පළ කළේය. දැන් තරුණා තමා හට කේන්තියක් ආ ක්ෂණයෙන් මුවින් නොබැන සන්සුන් වී ලෑල්ලට ඇණය බැගින් ගසයි.මසක පමණ ඇවෑමෙන් බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් හිස පහතට නවාගෙන පියා අසළට පැමිණි තරුණයා ඇණ වලින් පිරුණු ලෑල්ල පියා වෙත දිගු කළේය.


“තාත්තේ! මාසයක් යන්නත් කලින් ම මේ ලෑල්ල ඇණ වලින් පිරුණ. දැන් මම මොකක්ද කරන්න ඕනි! මට ගොඩක් කේන්ති යනව නේද තාත්තේ?  “


තම පුතුගේ මානසිකත්වය තේරුම් ගත් පියා , පුතුගේ උරහිසට අතතබා බිමට නැමුණු පුතුගේ හිස අනික් අතින් එසැවීය.


“හරි මගෙ පුතේ! මම ඒක දන්නව! දැන් මගෙ පුතා උත්සහ ගන්න කේන්ති නොගෙන ඉන්න. කේන්ති ගියත් ඉක්මනට කේන්තිය නිවා ගන්න. එහෙම කරන්න පුලුවන් වුන හැම වෙලාවකම මේ ලෑල්ලෙන් එක ඇණය ගානේ ගලවන්න! මම හිතනව මගෙ පුතාට ඉක්මනටම ලෑල්ලේ තියෙන ඇණ ගලවන්න පුලුවන් වෙයි කියල.“


පියාණන්ගේ වදනින් අමුතු ජීවයක් ලද තරුණයා , නැවත ලෑල්ල කාමරයෙහි එල්ලා තම කේන්තිය පාලනය කිරීමට අදිටන් කරගන්නා ලදී. සිවු මසක් පමණ ඇවෑමෙන් තරුණයා මහත් උද්දාමයෙන් තම පියාණන් වෙත කිසිදු ඇණයක් රහිත ලෑල්ල ඉදිරිපත් කරන ලදී.


සිය දෙනෙත් වලින් කඳුළු පිස දමමින් තමා සිටි අසුනෙන් නැගිටි පියාණෝ තම පුතුගේ හිස ආදරයෙන් සිම්බේය.“මගේ පුතා! මට අද ගොඩක් ආඩම්බරයි! මගෙ පුතා ගොඩක් හොද කෙනෙක් වෙලා..“


“ඔව් තාත්තේ! මට දැන් කේන්ති යන්නේම නැති තරම්. මට දැන් ගොඩක් හොඳට පාඩම් කරන්නත් පුලුවන්! මට දැන් ගොඩක් යාළුවොත් ඉන්නව!“


“පුතා ! මම මේ කරපු දෙයින් පුතාට වැටහිච්චි දෙයක් තියෙනවද? “


“ඔව් තාත්තේ ! මට තේරුණ මට කොච්චර කේන්ති යනවද කියල..“


“නෑ පුතා! මේකෙ එයිට වඩා ගැඹුරු දෙයක් තියෙනව.............“


ඔයා ගෙනාපු මැදපු ලෑල්ල හරියට මිනිහෙක්ගෙ හිතක් වගේ! ඔයාගෙ බැනුම් ඇණ වගේ වැදිල ඒක තුවාල වෙනව. ගියපු වචනයක් ආයෙත් හරවන්න බැහැනේ පුතා! ඔයා ඒක තේරුම් අරගෙන කොහොම හොඳ කළත් ඒ හිත ඇණ ගැලවුණු ලෑල්ල වගේ. ගොඩක් තුවාල වෙලා! එහෙම හිතක් හැදෙන්න ගොඩක් කල් යනව...........

යාලුවන්ට බලන්න  |S|H|A|R|E| කරන්න.

Admin ගේ පණිවුඩය

chanuka cs@
(Any Problem massage my facebook account i can help you)

හැම software එකකටම password එකක් දාමු (600 kb only)


මේ software එකෙන් පුලුවන් අපේ  පරිගනකයේ තියෙන software වෙන අයට  open 
කරන්න බැරිවෙන්න password එකක් දාන්න
මෙක ගොඩක්  වටින්නෙ  පාසල් වල  පරිගනක  වගේ ගොඩක් අය බාවිතා කරන  පරිගනයක පෞද්ගලික 


software ආරක්ෂා කරගන්න  
Windows Xp/7/8 වල වැඩ 


මේ link එකෙන් ගිහින්  download කරගන්න 
හැමතැනම හොයලා කොහොමහරි key එකත් හම්බුනා :)
මේ link එකෙන්  ගිහින්  key file එක  download කරගන්න 

හරි install කරනකොට  මුලින්ම password එකක්  ගහන්න එයි  එතනට ඔයා කැමති password 
එකක්  දාන්න confirm password එකටත් එකම දාන්න 
දැන් install කරන්න 


software එක install කරාට පස්සෙ register කරන්න කියල tab එකක් එයි එතනට 
download කරපු  key file එකෙ තියෙන code එක  copy කරන්න 
දැන්  තියෙන්නෙ protect a program ගිහින් ඔයාට ඔනෙ  software එක select කරන එක.




 දැන් ඔක close කරල 
ඔයා  select කරපු  software එක open කරල බලන්න open කරනකොට  password එක ඉල්ලයි  
යාලුවන්ට බලන්න  |S|H|A|R|E| කරන්න.

Admin ගේ පණිවුඩය

chanuka cs@
(Any Problem massage my facebook account i can help you)



Windows 7.8. 8.1 ඔය ඕන එකක් Windows 10 කරමු...


Transform Windows 8/8.1/7 to Windows 10



Support:
Windows 8/8.1/7/SP1 [X86_X64] – [All Language] – [All Version]
Programs:
StartMenu by ReviverSoft – www.reviversoft.com
MetroSidebar 1.0 by Amine Dries – www.metrosidebar.com
ImmersiveExplorer 1.0.8 by julien malici – www.immersive-explorer.com
Changelog:
Version 1.0
-Initial release
Note : Skin Packs installer have easy and safe install option , Please unistall old or other version of skin packs before install new one.
if your theme not changed you need to install uxtheme patcher from here
For windows 7 starter and home basic first need to patch and Unlock Aero effect from here
System requirements:
Installed Microsoft.NET Framework 4.5
Processor: 1 GHz or higher
Memory: 512 Mb of RAM or higher

Admin ගේ පණිවුඩය

chanuka cs@
(Any Problem massage my facebook account i can help you)



notepad එකෙන් keybord එකේ light set එක රටාවකට පත්තුවෙන විදිහට හදමු.



ගොඩක් අය  හිතන් ඉන්නෙ notepad එක තියෙන්නෙ  text edit කරන්න  විතරයි කියලනෙ 
එත්  ඇත්තටම ඊට  වැඩිය ගොඩක් වැඩ  notepad එකෙන් කරන්න පුලුවන් 
ඉතින්  මත් හිතුවා  මම දන්න දේවලුත්  ඔයාලට කියන්න
හැම keybord එකෙම වගේ  තියෙනවනෙ  පොඩි LED light set එකක්  
ඉතින් ඒ light රටවකට පත්තු වෙන්න හදන හැටි තමයි මේකෙන් කියන්නෙ 
මුලින්ම virus Guard එක කරන්  ඉන්න මොකද අපි  හදන්න යන්නෙ virus එකක්නෙ 


පියවර  1 - මුලින්ම notepad එක open කරගන්න 
(desktop එක  right click කරලා new කියන තැන text document එක  open කරාම හරි   )
පියවර  2 - දැන් පහල තියෙන code එක copy කරලා notepad එකට past කරන්න 


Set wshShell=wscript.CreateObject("WScript.shell")
do
wscript.sleep 500
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


පියවර  3 - දැන්  file==> save as ගිහින් file name කියන තැන Light os.vbs මෙහෙම type කරලා save කරගන්න

පියවර  4 - හරි ඔයා save කරපු file එක open කරලා  බලන්න 
light පත්තු වුනාට  දැන්  ඔක  off කරන විදිහ ගැන දන්නෙ  නෑනෙ 
පියවර 5 - off කරන්නෙ මෙහෙමයි 
task manager (keybord එකේ ctrl+alt+delete තුනම ඔබන්  ඉන්න ) එකට ගිහින්  එතන procesces වල ඇති  wscript කියලා එකක් එක right click කරලා end process කරන්න.


පියවර 6 -  light රටා හදාගන්නෙ මෙහෙමයි 
වැඩි  දෙයක් නැ Light os කියලා ඔයා හදපු file එක open කරන්න කලින්  
Capslock,Num lock,Scroll Lock වලින්  පත්තුවෙන්න ඔනෙ light එක  on කරලා  Light os එක open කරලා බලන්න 
light පත්තුවෙන  වේගය හදන්නෙ මන් උඩ  දාලා තියෙන  එකෙ 500 කියන ඉලක්කම 100,900 වගෙ ඉලක්කම්  දාලා 
windows XP/7/8 වල වැඩ 
මේ තියෙන්නෙ  මම හදපු Light Os එක ඔක හදන්න අමරුයි  වගේනම් මේක Download කරගෙන බලන්න 

තේරෙන්නැති  තැනක්  තියෙනවනම් comment දාලා කියන්න 
යාලුවන්ටත්  බලන්න |S|H|A|R|E| කරන්න 


Nethu@


Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ




සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. එම නිසා 2015 වසරේ දී එය, නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Samsung Galaxy S6 ලෙසටය.


දැනටම මෙහි මුලික වැඩ කටයුතු Samsung සමාගම විසින් අරම්භ කර ඇති බවට තොරතුරු පලවනවා. දැනට මෙය "Project Zero" යන කේත නාමයෙන් හදුන්වනු ලබනවා.


මෙහි පිටුපස කැමරාව මෙගා පික්සල් 20 ප්‍රමාණයෙන් නිකුත් වන බවට වාර්තා පල වී තිබෙනවා. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5 ප්‍රමාණයකින් වේ. 


මෙම දුරකථනය මාදිලි දෙකකින් නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වේ . එක් මාදිලියක් ඇමරිකානු වශයෙනුත් අනෙක් මාදිලිය අනෙකුත් ආසියානු රට වලට නිකුත් කිරිමට  ඔවුන්ගේ බලාපොරොත්තුවයි.


Samsung Galaxy S6 දුරකථනයේ දත්ත ගබඩා කිරිමේ ධාරිතාව පදනම් කරගෙන කොටස් තුනකට බෙදා තිබේ. එය 32GB, 64GB, 128GB වශයෙන් වේ. දුරකථනය පිටත ආවරණය අලුමිනියම් වලින් සැදීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබේ. මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ.


ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයත් සමඟ ලබන වසරේ එනම් 2015 වසරේ මාර්තු මාසයේ වෙළඳ පොල වෙත නිකුත් කිරිමට නියමිතයි.

Nethu@

පරිගනකයක් තවත් පරිගනකයක් එක්ක සම්බන්ධ කරන විදිහ දැන ගන්න ඕනේද. මෙන්න ඒකට භාණ්ඩේ...


මම අද කියලා දෙන්න යන මෘදුකාංගයට කියන්නේ TeamViwer කියලා.
මෘදුකාංගය ඩවුන්ලොර්ඩ් කරගෙන ඉමු.

Teamviwer Dawnload Here
දැන් ඔයාට මේ වගේ එකක් ලැබේවි. 

දැන් ඔයාගේ පරිගනකයට සම්බන්ද වෙන්න ඉන්න අනිත් කෙනාගේ ID එක Partner ID කියන එකේ ටයිප් කරලා  Connect to Partner දෙන්න.
එතකොට ඔයාගේ පරිගනකයෙන් අනෙක් පුද්ගලයාට සම්බන්ද වෙන්න පුළුවන්.
(මෙයට සම්බන්ද වන අනෙක් පුද්ගලයාද මෙම මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය)
අනෙක් පුද්ගලයාට ඔයාගේ පරිගනකයට සම්බන්ද වීමට ඔයාගේ ID  එක හා Password එක අනෙකාට ලබා දිය යුතුය..

More


Whats Hot